ඉස්සරහට විදුලිය කප්පාදු කරයි ඒකට වගකියන්න ඕනි අනුර කුමාර – පාඨලී චම්පික රණවක

පවතින රජයේ ඉන්ධන මිල සංශෝධනය සහ බලශක්ති කළමනාකරණය විවේචනය කරමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ප්‍රකාශයක් සිදු කර තිබේ.

දැනට පවතින ඉන්ධන මිල වැඩි කිරීම් සිදු කර ඇත්තේ අලුතින් ආනයනය කළ තෙල් සඳහා නොව, දැනටමත් මෙරට ගබඩාවල පැවති තෙල් තොග සඳහා බව ඔහු පෙන්වා දෙයි. මෙය ජනතාවට අනවශ්‍ය බරක් පටවන තීරණයක් බව ඔහු චෝදනා කරයි.

ඉදිරියේදී රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමේ අවදානමක් පවතින බවත්, එවැන්නක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බවත් රණවක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *