කාත්තන්කුඩි නගරයේ අලංකාරය වැඩිකරමින් සහ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකරන ලද “ලැගූන් පාර්ක් සහ සංචාරක බෝට්ටු සේවාව” පසුගිය ඉරිදා (22) ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මඟපෙන්වීම සහ සංකල්පයක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. මෙහි සමාරම්භක උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ හිස්බුල්ලා මහතා විසින් නිල වශයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදී.
කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.එම්. අස්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම අවස්ථාවට නගර සභාවේ උප සභාපති, මන්ත්‍රීවරුන්, ප්‍රජා නායකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.