ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී බටහිර ආසියාවේ (මැදපෙරදිග) පවතින උණුසුම් තත්ත්වය සහ එමගින් ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව නායකයන් දෙපළගේ අවධානය යොමු විය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
විශ්වාසවන්ත සහ සමීපතම හවුල්කරුවන් ලෙස පොදු අභියෝග හමුවේ ඉතා සමීපව කටයුතු කිරීමට නායකයන් දෙපළම මෙහිදී සිය එකඟතාවය පළ කර ඇත.
