දකුණු ආසියාවේ ප්‍රථම 4D ඇන්ජියෝ CT ඒකකය ජපුර රෝහලේදී විවෘත කරයි

ජපන් රජයේ රුපියල් මිලියන 1000 කට අධික මූල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ස්ථාපිත කරන ලද අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D Angio CT suite (4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය) සහ අංගසම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහතාගේ සහභාගීත්වයෙන් අද (24) පෙරවරුවේ දී එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

මෙම 4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය අතිනවීන තාක්ෂණයෙන් යුක්ත වන අතර, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් පද්ධතියේ හෝ දකුණු ආසියානු කලාපයේ කිසිඳු රෝහලක මෙවැනි අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D ඇන්ජියෝ CT පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත. මෙම යන්ත්‍රය සඳහා ජපන් රජය වැයකරන ලද මුදල රුපියල් මිලියන 925 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *