නව බස් ගාස්තු සංශෝධනය සහිත ගාස්තු චක්රය සහිත සටහන් පත්රිකා සියලු පෞද්ගලික බස් රථ ඇතුළත වීදුරුවේ මාර්තු 30 වැනිදා වනවිට අලවා තැබිය යුතු බවත්, එසේ නොකරන බස් රථ සේවකයන්ට ලබන 30 වැනිදා සිට දඩ නිකුත් කරන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති ගාමිණි ජාසිංහ මහතා “දිවයින” ට ඊයේ (26දා) පැවැසීය.
බොහෝ පෞද්ගලික බස් රථවල ගාස්තු චක්රලේඛ සටහන අලවා නොමැති බවට මගීන්ගෙන් පැමිණිලි ලැබෙන බවද හෙතෙම කීය.
නව බස් ගාස්තු සංශෝධනය, පැරණි මිල, නව මිල, තමන් බස් රථයට ගොඩවන ස්ථානයේ සිට ගමනාන්තය දක්වා වන බස් ගාස්තුව දැන ගැනීමට මගීන්ගේ අයිතියක් බව ද ඒ මහාත කියා සිටියේය.
බස් රථවල නව බස් ගාස්තු චක්රලේඛ සටහන අලවා නැත්නම් ඒ ගැන ප්රවාහන අධිකාරියේ 0112-860860ට පැමිණිලි කරන්නැයි ද සභාපතිවරයා මගීන්ගෙන් ඉල්ලා සිටියේය.