ඕනෑම අර්බුදකාරි අවස්ථාවක නැගි සිටිමේ ශක්තිය දැන් ලංකාව සතුයි – ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති

ශ්‍රී ලංකාව මීට පෙර අර්බුදකාරී තත්ත්වයක සිටියත් යතා තත්ත්වයට පත්ව තිබීම සහ වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා ගමන් කිරීමේ හැරවුම් ලක්ෂයක සිටින බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Masato Kanda මහතා සඳහන් කරනවා.

මැද පෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන මිල ඉහල යාම හා ගෝලීය සැපයුම් බාදා ඇතිවීම ලංකාව තව දුරටත් පීඩනයට පත් කොට තිබෙනවා.

මගේ ශ්‍රී ලාංකීය සංචාරය අතරතුර දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. එහිදී ඇමෙරිකාවට අතිරේක ඩොලර් බිලියන 600ක අයවැය සහයක් තහවුරු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවට හැකි වුණා.

අපි විශ්වාස කරනවා මේ සහය ලංකාවේ සංවර්ධනයට සහ බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරාවි කියා.

ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය තව දුරටත් වැඩි කිරීමට අප සූදානම්. ඩොලර් බිලියනයක් පමණ අපි වාර්ෂිකව සහය දක්වනවා.

මුල්‍යකරණය මත පදනම් වූ ආයෝජන අවස්ථා සහ යටිතල පහසුකම් මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් වෙත අඛණ්ඩව අවධානය යොමු කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයට සංචාරය කර අවස්ථාවේ දිට්වා සුළි කුනාටුව හමුවේ ඔබේ ඉක්මන් යතා තත්වයට පත්වීමේ හැකියාව මම දුටුවා. ආසියානු සංවර්ධන බැංකුව විසින් එම හදිසි අවස්ථාවේ හදිසි මානුෂිය ආධාරයක් ලෙස ඩොලර් මිලියන 200ක මුදලක්ද ලබාදෙන්නට කටයුතු කළා. ඒ ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු යතා තත්වයට පත්කර ගැනීම සඳහායි.

කොළඹ වරායට ගිය අවස්ථාවේ මම දුටුවා සැපයුම් ජාලයන් කෙසේද ලංකාව ගෝලීය ලෙස තරඟකාරී මට්ටමකට රැගෙන ඇවිත් තියන්නේ කියා. ශ්‍රී ලංකාවේ ඉදිරි අධියර වෙන්නේ රටේ සංවර්ධනය වෙනුවෙන් තිරසාර ආයෝජන රට වෙත ලඟාකර ගැනීම. ආසියානු සංවර්ධන බැංකුව ඊට උපරිම ශක්තිමත්ව සහයෝගය ලබාදෙන්න සුදානම්,

යයි ද Masato Kanda මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *