මෙට්‍රෝ’ සමාගම හරහා බස් රථ 600ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඔහු කියා සිටියේ මෙය පැහැදිලිවම මහජන මුදල් අපයෝජනය කිරීමක් බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ පැවසීය:
“මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ. අන්තිමට වුණේ මිනිස්සුම සල්ලි දීලා ඒක විනාශ කරපු එක විතරයි. දැන් නැවතත් ඒ අසාර්ථක ක්‍රමයම ක්‍රියාත්මක කරන්න හදනවා.”