ඉන්ධන තොගයක් රැගත් ‘හරි අනන්ඩ්’ (HARI ANAND) නෞකාව අද (29) දහවල් කොළඹ වරායේ ඩොල්පින් ජැටිය වෙත පැමිණි බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙම නෞකාව මගින් මෙරටට රැගෙන ආ මුළු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 36,000කි. එම ඉන්ධන තොගයට ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු වන බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
නෞකාව වරායට සේන්දු වීමෙන් අනතුරුව, එහි ඇති ඉන්ධන තොගය කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත සම්ප්‍රේෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.