ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණ ඉතිහාසයේ පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වෙමින් නඩු ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම ආරම්භ කෙරිණි.
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද e filling පද්ධතිය මගින් ඩිජිටල් පරිවර්තනයේ සුහුරු ප්‍රවේශය සනිටුහන් කරමින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.
ඒ අනුව ඊ ගොනු කිරීමේ පද්ධතිය 2026 පෙබරවාරි 10 වැනිදා සිට විවෘත කරන ලද අතර නීතිඥවරුන්ට මෙම යෙදෙවුම මගින් ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය වී ඇත. මෙම ක්‍රියාවලියේ සඵලතාව තහවුරු කරමින් මේ වනවිට නඩු පැවරීම් රාශියක් ඉලෙක්ට්‍රොනිකව සිදුවී ඇත.
එකී ක්‍රියාවලියේ සංධිස්ථානයක් වශයෙන් 2026 මාර්තු 36 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විවෘත අධිකරණයේ කඩදාසි රහිත විiුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සිදු කරන ලදී.
මෙම නඩුව තවදුරටත් සුවිශේෂී වන්නේ එය 2024 වර්ෂ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය, විභාග දිනට පෙර දිනයේදී පිටකිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියම කොට තිබූ රුපියල් මිලියන 03ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිබඳ නඩු කටයුත්තක් වූ බැවිනි.
නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් විනිසුරු මඩුල්ල පරිශීලනය කළහ.
වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම් මහත්මිය විසින් සිදු කරන ලදී. චෝදනා පත්‍රය මත සිය ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මගින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය අදාළ පාර්ශ්ව වෙත ලබාදෙන ලදී. චෝදනා පත්‍රයේ වූ චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විභාගය 2026 මැයි 14 වැනිදාට කල් තැබූ අතර එමගින් ශ්‍රේෂ්ඨාධිකරණය ලේඛන රහිත (paper less) නඩු විමසීම කෙරේ.
මෙම නව ඊ ගොනු කිරීමේ යෙදවුම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ ”e – court” ව්‍යාපෘතියේ කඩඉමක් වේ. එහිලා සුවිශේෂත්වය වන්නේ මෙම යෙදවුම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පමණක් ගොඩනඟා තිබීමයි. මෙම පද්ධතිය ශ්‍රී ලංකා ටෙලිකොම්හි සහකාර කළමනාකරු (වෙබ් අඩවි නිර්මාණ) උවිඳු අනුරාධ මහතා විසින් සිදුකර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් හඳුන්වා දෙන ලද e filling යෙදෙවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කළ හැක. එමගින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කරගැනීමට හැකි වේ. මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නීතිඥවරුන් විශාල වශයෙන් විiුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබේ. ශ්‍රී ලංකාව පුරා ඇති සියලු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් මනෝදි හේවාවසම්, නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරුන් වන අභිමානී සෙනෙවිරත්න සහ තරිඳු යන මහත්ම මහත්මීන් සහභාගි වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තොරතුරු තාක්ෂණ නිලධාරි අචින්ත වැලිදෙණිය මහතා ප්රමුඛ ඒකකය හා කාර්ය මණ්ඩලය ද ශ්‍රී ලංකා ටෙලිකොම්හි උවිඳු අනුරාධ මහතා ද සහභාගි වූහ.