“අනුර ගෝ හෝම්” සටන ප්‍රංශයෙන් අරඹයි – සති දෙකකින් රට පුරා උද්ඝෝෂණ – චරිත් අබේසිංහ

වත්මන් රජයට එරෙහිව “අනුර ගෝ හෝම්” විරෝධතා ව්‍යාපාරය ප්‍රංශයේ සිට ආරම්භ කරන බවත්, තව සති දෙකක් ඇතුළත සමගි ජන බලවේගය මුළු දිවයිනම ආවරණය වන පරිදි දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවත් මගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි.

ප්‍රංශයේ පැවැති හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය “ගෝඨා ගෝ හෝම්” අරගලය හරහා සැබෑ කැපකිරීම් සිදු කළේ තමන් ඇතුළු පිරිස බවයි.

“අපි හිරුනිකාලා ගෝඨා ගෝ හෝම් කියලා ගහ හොල්ලන කොට, අනුර කුමාර දිසානායක මහතා ඇවිත් සරම අල්ලලා වැටුණු ගෙඩි ටික අහුලගත්තා. එහෙම නොවුණා නම් අද සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති,” යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වත්මන් පාලනයට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ මීළඟ අදියර ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *