ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා කාර්මික අංශය බලගැන්වීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා විසිරී ඇති කාර්මික කලාපවලින් අක්කර 203, රූඩ් 2 සහ පර්චස් 25.5 ක භූමි ප්‍රමාණයක් ආයෝජන සඳහා විවෘත කර තිබේ.
මෙම ඉඩම් දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් සඳහාද විවෘත වන අතර, එය රටේ කාර්මික වර්ධනය සහ රැකියා උත්පාදනය ඉලක්ක කරගත් සුවිශේෂී පියවරකි.
අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන අංශය සඳහන් කරන්නේ මෙම ඉඩම් ලබාගැනීමට කැමති ආයෝජකයින්ට ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දැන් පවතින බවයි.
For further inquiries, investors are invited to contact the Industrial Development Division at 011-2441490 or 011-2343937.