බලශක්ති අමාත්‍යාංශය තුළ සිදුවූ බව කියන ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ සෘජු සංවාදයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (30) පැවැති හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම විවෘත අභියෝගය සිදු කළේය.
“අනික් පාපිසිවලින් මට වැඩක් නෑ, වෙන කවුරුත් ඕන නෑ. අනුර කුමාර මහත්තයට මම අභියෝග කරනවා, අපි දෙන්නා මේ ගැන සංවාදයක් කරමු.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.