පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහ ඒ හා සබැඳි තොරතුරු අනාවරණය කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් රචිත නවතම කෘතිය එළිදැක්වීමේ උත්සවය කොළඹදී පැවැත්විණි.
මෙම අවස්ථාව විශේෂත්වයක් ගත්තේ මෙරට හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුම එකම අවස්ථාවකදී ඊට සහභාගි වීම හේතුවෙනි.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රහාරය සිදුවන අවධියේ රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.