“තලතා, සාගල සහ සජිත් සහභාගීවීම ශෝචනීයයි. ගම්මන්පිලගේ පොත රාජපක්ෂලාට සුදු හුණු ගෑමේ උත්සාහයකි – නවීන් දිසානායක

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා යාම නමින් ලියා පල කර තිබෙන උදය ගම්මන්පිලගේ පොත දොරට වැඩීමේ උත්සවය සදහා එජාප මුල් පෙළ නායකයන් වන තලතා, සාගල සහ සජබ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් වන බව නවීන් දිසානායක පවසයි.

එමෙන්ම, අදාල අවස්ථාව සදහා තමන් සහභාගී නොවීම සම්බන්ධයෙන් සතු-ටු වන බවද පවසන නවීන් දිසානායක, ගම්මන්පිලගේ උත්සාය රාජපක්ෂලාට සුදු හුදු හුණු ගෑම බවටද චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා ස්ථාපිත කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සහරාන්ගේ නම සදහන්ව තිබුනද, එම ප්‍රහාරයේ මහමොළකරු සහරාන් ලෙස නම් කිරීම පුදුම සහගත බවද නවීන් දිසානායක පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *