මගෙත්,දිලිත්ගෙත් සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂයි – දිලුම් අමුණුගම කියයි

තමන්ගේ මෙන්ම දිලිත් ජය­වීර මහ­තාගේ ද සදා­ද­ර­ණීය නාය­කයා මහින්ද රාජ­පක්ෂ බව සර්ව­ජන බලය පක්ෂයේ ජාතික සංවි­ධා­යක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලුම් අමු­ණු­ගම මහතා පව­සයි.

පොදු­ජන පෙර­මුණ හැදුව අය ලෙස එයට අලු­තින් එක්වී­මට දෙයක් නොමැති බවත් වෙනම දේශ­පා­ල­නය කළත් එම පක්ෂය සමඟ කිසිම ගැට­ලු­වක් නොමැති බවත් ඒ මහතා කීය.

මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් දිලුම් අමු­ණු­ගම මහතා මෙසේද පැව­සීය.

අපේ සදා­ද­ර­ණීය නාය­කයා මහින්ද රාජ­පක්ෂ. දිලිත් ජය­වීර මහ­තාගේ සදා­ද­ර­ණීය නාය­ක­යාත් එතු­මායි. එහි වෙන­සක් නැහැ. අපි වෙනම දේශ­පා­ල­නය කළත් අවශ්‍ය වෙලා­වට ඕනෑම දෙයක් කරන්න පුළු­වන්. මේ ආණ්ඩුව මැති­ව­රණ සම­යේදී ජන­තාව දුන්න පොරොන්දු ඉටු කරන්නේ නෑ. මේ අය බල­යට පත් කරන්න සහය දුන්න බළල් අත්වල පොරොන්දු විත­රයි ඉටු කර­මින් ඉන්නේ. ඒ නිසා තමයි බුද්ධි අංශ ප්‍රධා­නීන්, හමු­දා­ප­ති­වරු, හිමි­ව­රුන් වගේම ත්‍රස්ත­වා­ද­යත් සමඟ කට­යුතු කර ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මාව­තට පැමිණි පිල්ලෙ­යාන් වගේ අය සිර­ගත කර­මින් යන්නේ. ජන­තාව දුන්න පොරොන්දු බල්ලට දාලා කට­යුතු කරන්නේ.

කොවිඩ් වසං­ග­තය ලෝක අර්බු­ද­යක්. දැන් ඇති­වෙලා තියෙන අර්බු­ද­ය­කට වඩා ඒක ලොකුයි. මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ රට­වල් කිහි­ප­යයි. ඒකට මුළු ලෝක­යම අහු­වුණා. එත­කොට විප­ක්ෂයේ සිටි මේ පාල­ක­යන් වසං­ග­තය අස්සේ තැන තැන පික­ටින් කළා. ජනා­ධි­පති ගෝඨා­භ­යට කිව්වා වසං­ග­තය අව­සන් කරන දවස කියන්න නැත්නම් ගෙදර යන්න කියලා. දැන් විප­ක්ෂය වග­කී­මෙන් හැසි­රෙ­නවා. ඒක අගය කළ යුතුයි.

තෙල් අර්බු­දය ඉදි­රි­යට දාලා හැම ප්‍රශ්න­යම යට ගහන්න දෙන්න බැහැ. මේ අය තමන්ගේ නොහැ­කි­යාව වහ­ගන්න හදන්නේ මැද­පෙ­ර­දිග යුද්ධය ඉස්ස­ර­හට දාලා. දැන්ම ජනා­ධි­ප­ති­වරු තෝරලා වැඩක් නැහැ. අවශ්‍ය වෙලා­වට සුදුසු කෙනා අපි තෝරා ගන්නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණය පැමිණි අව­ස්ථාව වන විට වඩා ජන­ප්‍රිය නාය­ක­යාට අපි සියලු දෙනා එකතු වෙලා සහය දෙන්න ඕනෑ කියන එක තමයි මගේ ස්ථාව­රය. අවශ්‍ය වෙලා­වට සුදු­සුම තීර­ණය සර්ව­ජන බලය ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *