කිසිදු දරුවෙකුට ශාරීරික හෝ මානසික හානියක් කළ නොහැකියි – අධ්‍යාපන අමාත්‍යාංශය පාසල්වලට දැනුම් දෙයි

පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මින් පෙර නිකුත් කරන ලද 2016.04.29 දිනැති අංක 12/2016 දරන චක්‍රලේඛයේ සඳහන් උපදෙස්වලට අමතරව පහත සඳහන් චක්‍රලේඛයෙහි සඳහන් විධිවිධාන ද මින් ඉදිරියට බලපැවැත්වෙන බව එම අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ අනුව, 2016.04.29 දිනැති අංක 12/2016 දරන වක්‍රලේඛයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 461/2012 ( එෆ් ආර්)ට අදාළ නඩු තීන්දුවේ 17 වන ඡේදය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

එනම්, ”කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් නිසා හෝ කිසිදු ශාරීරික හෝ මානසික හෝ හානියක් සිදු නොකළ යුතු ය. කිසිදු ආකාරයක ශාරීරික දඬුවමක් කවර මට්ටමකින්වත් සිදු කළ නොහැකි අතර, වැරදිකරුවන්ට නීතිය අනුව කටයුතු කරනු ලැබේ.” යනුවෙන්.

ඒ අනුව, පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවටයි අවධාරණය කර ඇත්තේ.

උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, තවද, සිසුන් සමග කටයුතු කිරීමේ දී සිසුන්ගේ ධනාත්මක හැසිරීම් උදෙසා මැදිහත් වීම සහ සහාය ලබා දීම ආදී ක්‍රම අනුගමනය කළ යුතු බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *