අපිටත් ඕන වුණේ මහමොළකරු කවුද කියලා දැනගන්නයි – සජිත් ගිය හේතුවට රංජිත් මද්දුම බණ්ඩාර කියයි

ගම්මන්පිල මහතා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් දක්වා තිබේ.
උදය ගම්මන්පිල මහතා ලියූ පොත එළිදැක්වීමේ උත්සවය සඳහා තමන් වෙත නිල වශයෙන් ආරාධනයක් ලැබී තිබූ බව මද්දුම බණ්ඩාර මහතා පවසයි.

: මෙම අවස්ථාවට සහභාගී වීමට ප්‍රධානතම හේතුව වූයේ පාස්කු ප්‍රහාරයේ “මහමොළකරු” කවුද යන්න පිළිබඳව දැනගැනීමට තිබූ උනන්දුව බව ඔහු අවධාරණය කරයි.

විපක්ෂ නායකවරයා එම උත්සවයට සහභාගී වූයේ එම කරුණු දැනගැනීමේ අරමුණින් මිස වෙනත් දේශපාලන අරමුණකින් නොවන බව රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *