කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවන කටයුතු ලබන 9 වැනිදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෑතකදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදු වූ හානි පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය සේවා යළි යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.