කිසියම් උත්සවයකට හෝ අවස්ථාවකට ආරාධනා කළ විට එයට සහභාගී වීම පුද්ගලික මනුස්සකම පිළිබඳ කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ආරාධනාවක් ලැබුණු පසු එයට ගරු කිරීම සාමාන්‍ය සිරිත වුවත්, එම ස්ථානයට ගිය පසු සිදුවන දේ පිළිබඳව කලින් නිගමනය කළ නොහැකි බවයි.
“ආරාධනා පත්‍රයක් දුන්නොත් ඒකට සහභාගී වෙන එක අපේ මනුස්සකම. හැබැයි එතනට ගියාට පස්සේ තමයි දන්නේ ඇත්තටම එතන වෙන්නේ මොකක්ද කියලා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.