සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෛද්‍යවරුන්ට පාතාල සාමාජිකයෙකුගේ විලාසයෙන් තර්ජනය කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි විරෝධය පළ කර සිටියි.
මාසික වැටුප් නතර කරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව සංගමය චෝදනා කරයි.රජයේ නිල නිවාසවලින් ඉවත් කරන බවට ද අමාත්‍යවරයා තර්ජනය කර ඇති බව GMOA මාධ්‍ය වෙත අනාවරණය කළේය.