මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට – නවතම ජන සංගණන වාර්තාව හෙළි කරයි

වසර 2024 සංග­ණන මූලික වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ නව ජන­ග­හ­නය මිලි­යන 21.7 ඉක්මවා තිබේ. සංග­ණන ආඥා පනතේ බල­තල ප්‍රකා­රව පව­ත්වන ලද 2024 ජන හා නිවාස සංග­ණ­නයේ මූලික තොර­තුරු ඇතු­ළත් වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ. සංග­ණන අධි­කාරී විසින් මෙම වාර්තාව මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමාත්‍ය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පිළි­ග­න්වන ලදි.

මෙම වාර්තා­වට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් (යාව­ත්කා­ලීන) ජන­ග­හ­නය 21,763,170කි. මෙය 2012 වසරේ පැවති ජන සංග­ණ­න­යට සාපේ­ක්ෂව පුද්ග­ල­යන් 1,403,731ක වැඩි­වී­මක් වන අතර, 2012-2024 කාලය තුළ වාර්ෂික ජන­ග­හන වර්ධන වේගය සිය­යට 0.5ක් ලෙස සට­හන් වී ඇත.

මෙවර සංග­ණ­නයේ දත්ත රැස්කි­රීමේ කට­යුතු 2024 දෙසැ­ම්බර් 19 දින මධ්‍යම රාත්‍රි 12:00ට යෙදුණු ‘සංග­ණන මොහොත’ පද­නම් කර­ග­නි­මින් සිදු කර ඇත. ශ්‍රී ලංකා සංග­ණන ඉති­හා­සයේ ප්‍රථ­ම­ව­රට දත්ත රැස්කි­රීම සඳහා ටැබ්ලට් පරි­ග­ණක සහ සුහුරු ජංගම දුර­ක­තන භාවිත කිරීම මෙවර විශේ­ෂ­ත්ව­යකි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යන්හි නාග­රික ප්‍රදේ­ශ­වල පව­තින සංකී­ර්ණ­ත්වය හේතු­වෙන් එම ප්‍රදේ­ශ­වල දත්ත රැස්කි­රීම 2025 පෙබ­ර­වාරි දක්වා සිදු කෙරිණි.

ජන­ග­හන ව්‍යාප්තිය සැල­කී­මේදී මුළු ජන­ග­හ­න­යෙන් සිය­යට 28.1ක් පදිං­චිව සිටින බස්නා­හිර පළාත වැඩිම ජන­ග­හ­න­යක් සහිත පළාත බවට පත්ව ඇති අතර, සිය­යට 5.3ක් වූ අඩුම ජන­ග­හ­නය වාර්තා වන්නේ උතුරු පළා­තෙනි.

දිස්ත්‍රික් මට්ට­මින් සලකා බලන විට, ශ්‍රී ලංකාවේ වැඩිම ජන­ග­හ­න­යක් සහිත දිස්ත්‍රි­ක්කය ලෙස ගම්පහ දිස්ත්‍රි­ක්කය (2,433,685) වාර්තා වේ. දෙවන ස්ථානයේ පසු­වන කොළඹ දිස්ත්‍රි­ක්කයේ ජන­ග­හ­නය 2,374,461කි. මීට අම­ත­රව කුරු­ණෑ­ගල, මහ­නු­වර, කළු­තර, රත්න­පුර සහ ගාල්ල යන දිස්ත්‍රි­ක්ක­වල ද මිලි­ය­නය ඉක්මවූ ජන­ග­හ­න­යක් වාර්තා වී ඇත.

රටේ වැඩිම ජන­ග­හන ඝන­ත්ව­යක් සහිත දිස්ත්‍රි­ක්කය ලෙස කොළඹ වාර්තා වන අතර එහි වර්ග කිලෝ­මී­ට­ර­ය­කට පුද්ග­ල­යන් 3,549ක් ජීවත් වේ. අවම ජන­ග­හන ඝන­ත්වය මුල­තිව් දිස්ත්‍රි­ක්ක­යෙන් වාර්තා වන අතර එය වර්ග කිලෝ­මී­ට­ර­ය­කට පුද්ග­ල­යන් 50කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *