ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ සති දෙකක සටන් විරාමය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින්, එහි වාසිය වහාම මෙරට ජනතාවට ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, රජය විසින් පසුගිය කාලසීමාවේ වැඩි කරන ලද තෙල් මිල අද රාත්‍රියේ සිටම අඩු කිරීමට පියවර ගත යුතු බවයි.