සීමාවාසික පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට පත්වීම් සහ රෝහල් ලබා දෙයි

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අද (08) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මෙම වෛද්‍යවරු හෙට (9) සිට එළැඹෙන 11වැනිදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්ථාකල යුතුව ඇත.

මෙම නවක වෛද්‍යවරු සිය පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් විනිවිදභාවයකින්, විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *