ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබේ. පසුගිය මාර්තු 15 වනදා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මෙරටදී සිදුකළ ශල්‍යකර්මයකින් පසු අවශ්‍ය වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහායි.
ප්‍රතිකාර කටයුතු නිමවා ඔහු අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ළඟා වූ බව වාර්තා වේ.