දේවාල අරමුදල් පෞද්ගලික වත්කම් නොව ‘පොදු දේපළක්’ – අභියාචනාධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලංකාවේ පන්සල් සහ දේවාල සතු අරමුදල් කිසිසේත්ම පෞද්ගලික වත්කම් නොවන බවත්, ඒවා මහජනතාව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන “පොදු භාර අරමුදල්” (Public Trust Funds) බවත් අභියාචනාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මෙරට ආගමික ස්ථානවල මූල්‍ය විනිවිදභාවය තහවුරු කළ මෙම සුවිශේෂී තීන්දුව ලබා දෙන ලද්දේ, මහජන බැංකුව විසින් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට එරෙහිව ගොනු කර තිබූ අභියාචනා නඩුවක් (CA/RTI/01/2025) විභාග කිරීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *