2025 උසස් පෙළ විශිෂ්ටයින්ට රාජ්‍ය ශිෂ්‍යත්වයක් මගින් ලොව ඉහළම ශ්‍රේණිගත සරසවි වරම් හිමි වෙයි

2025 උසස් පෙළ විශිෂ්ටතමයන්ට රාජ්‍ය ශිෂ්‍යත්වයක් මගින් ලොව ඉහළම ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන ප්‍රදානයක් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, ධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් අපොස උසස් පෙළ ඉතා විශිෂ්ට ලෙස සමත් සිසුන් 200දෙනෙකු බලගැන්වීම සදහා ඔවුන්ට කීර්තිමත්, ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යායන්හි ප්‍රථම උපාධිය හැදෑරීමට අවස්ථාව සැලසීම පිණිස නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී විදේශ ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව දෙවැනි වරටත් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා ආසන්න වශයෙන් සිසුන් 25ත් 50ත් අතර සංඛ්‍යාවකට රජය විසින් මූල්‍යයනය කරනු ලබන ශිෂ්‍යත්ව අවස්ථා ලබා දෙනු ඇත.

2025 සිට 2029 දක්වා වසර පහක කාලය තුළ මුළු ශිෂ්‍යත්ව 200ක් ප්‍රදානය කිරීමේ ඉලක්කය ඇතිව, වාර්ෂික පදනමින් ශිෂ්‍යත්වලාභී සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *