ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන යුදමය වාතාවරණය හෝ වෙනත් කිසිදු හේතුවක් මට ලංකාව තුළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ නොදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
මහනුවර පැවති සුබ සාධන වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව පවසා තිබුණි.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති බව පැවසූ තානාපතිවරයා, ලංකාව තුළ එවැනි අර්බුදයක් ඇති වීමට ඉඩ නොදෙන බව තහවුරු කර තිබේ.
ඊට අමතරව, ලංකාවේ ආර්ථික ස්ථායිභාවය සදහා සහාය දීමට චීනය කටයුතු- කරමින් සිටින බව ද මෙරට චීන තානාපතිවරයා පවසයි.