මම කොටුව බස් ස්ටෑන්ඩ් එකේ ටැප් කැඩුවේ නෑ,ප්‍රචාර බොරු,ඔය පැත්තේ අවුරුදුන් 15කින් ගිහින් නෑ – කටාන ප්‍රාදේශිය මන්ත්‍රී සාදානා දර්ශනි

කොටුව නව බස් නැවතුම්පොළේ වැසිකිළිවල කරාම සොරකම් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි සාදනී දර්ශනී සිල්වා මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය සඳහන් කළේ මෙය තමන්ට අපහාස කිරීමේ අරමුණින් සිදුකරන සංවිධානාත්මක මඩ ප්‍රචාරයක් බවයි

තමන් වසර 15කට අධික කාලයකින් කොටුව බස් නැවතුම්පොළ පවතින ප්‍රදේශයට ගොස් හෝ නොමැති බව ඇය මෙහිදී අවධාරණය කළාය.

තමන් ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත නොකරන බවත්, තමන්ගේ පුද්ගලික වාහනයකින් පමණක් ගමන් බිමන් යන බවත් ඇය පෙන්වා දුන්නාය

තමන් කරාම කැඩූ බවට යන ප්‍රචාරයන් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත්, එවැනි පහත් ක්‍රියාවලට තමන් සම්බන්ධ නොමැති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *