කුරුණෑගල රජයේ වැවිලි සමාගම සේවකයින්ට රුපියල් 75,000 ගානේ බෝනස් ලබා දෙයි

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේ ලැබූ විශිෂ්ට මූල්‍ය ප්‍රගතියට සමගාමීව සිය සේවක ප්‍රජාව වෙනුවෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා පිරිනැමීමට පියවර ගෙන ඇත.

“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී අද (10) පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානෝත්සවයේදී මෙම දීමනා පිරිනැමීම සිදු වි

මෙවර ප්‍රසාද දීමනා වැඩසටහනේ විශේෂත්වය වන්නේ සෑම සේවකයෙකුටම ලැබෙන දිරි දීමනා මුදල පසුගිය වසරට සාපේක්ෂව ඉහළ නැංවීමට සමාගම කටයුතු කිරීමයි. ඒ අනුව, සාමාන්‍ය කම්කරු සේවකයෙකු සඳහා හිමිවූ ප්‍රසාද දීමනාව රුපියල් 75,000 දක්වා ඉහළ ගොස් ඇත. එය පසුගිය වසරේ ලබාදුන් රුපියල් 45,000 ක මුදලට සාපේක්ෂව රුපියල් 30,000 ක කැපී පෙනෙන වැඩිකිරීමකි. එසේම, විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ද මෙවර වැඩි කළ දිරි දීමනා ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති එච්.එම්.පී. රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ආයතනය ලැබූ මෙම ඉහළ ලාභයේ ප්‍රතිලාභ, එහි සාර්ථකත්වයේ නියමුවන් වන සේවක ප්‍රජාව වෙත සාධාරණව බෙදා දීම රජයේ සහ කළමනාකාරීත්වයේ අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *