අනුර සහ ඉන්දිය විදේශ ඇමති අතර ඉන්දියාවේදී සාකච්ඡා සාර්ථකයි

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අද (05) උදෑසන ඉන්දියාව බලා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර හමුව අද පෙරවරුවේ සිදුවූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවූ බවයි කියන්නේ.

ආචාර්ය එස්. ජයශංකර් මෙම සාකච්ඡාව පිළිබඳව සිය තෘප්තිය ප්‍රකාශ කළේ ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳ අදහස ඉස්මතු කරමින් බවයි කියන්නේ. ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතා ද පිළිගෙන සහයෝගය ලබාදෙන බව පවසා ඇති අතර “ඉන්දියාව, එහි පළමු අසල්වැසියා වූ ශ්‍රී ලංකාව සමඟ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසදායක හවුල්කරුවෙකු වනු ඇති” බව සඳහන් කර තිබෙනවා.

මෙම හමුව පිළිබඳව අප කළ විමසීමක දී ජාතික ජන බලවේගයේ නියෝජිතයෙකු පැවසුවේ මෙම ද්විපාර්ශවීය සාකච්ඡා ඉතාමත් සුහද සහ විවෘත සාකච්ඡාවක් වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *