බිරිඳගේ අසනීප තත්ත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත්, ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරිඳට ද වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල් ආර ප්‍රදේශයෙන් පෙරේදා (04 වැනිදා) සවස වාර්තා විය.
මෙලෙස වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ සූරියවැව වෙනිවැල්ආර පදිංචි 58 හැවිරිදි හා 54 හැවිරිදි අඹුසැමි යුවළකි.
54 හැවිරිදි බිරිඳ දීර්ඝ කාලයක සිට කශේරුකාවේ තිබූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එක්තැන්ව සිට ඇති අතර ඇයගේ අසනීප තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීමට විශාල මුදලක්ද වියදම් කිරීමට සැමියාට සිදුව තිබේ. සිය බිරිඳගේ අසනීප තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට රැගෙන යාම හා ප්‍රතිකාර දීම ඇතුළු කටයුතු කිරීමට හා ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් නොමැති වීමත් නිසා නිදහස් දිනය දා සවස 4.30ට පමණ සැමියා විසින් එක්තැන්ව සිටින බිරිඳට වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. වස පානය කිරීමෙන් අසාධ්‍යව නිවසේ සිටි අඹුසැමි යුවළ අසල්වැසියන් විසින් ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.
ප්‍රදේශවාසින්ද පැවසුවේ මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයකින් පසු වූ බවත්, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට තරම් ආර්ථික තත්ත්වයක් දෙදෙනාට නොමැති වීමත් නිසා අඹු සැමි යුවළ කලක සිට දැඩි කළකිරීමකින් පසුවූ බවයි. සිද්ධිය පිළිබඳ සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සුසන්තගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.
vel eligendi voluptas aspernatur quia aut velit magni quaerat non. quam exercitationem totam error ab quas ut inventore eaque eius quibusdam ratione.
rem modi temporibus beatae iure enim nobis voluptatem pariatur. et ipsam molestiae maxime porro quasi recusandae et repellat.
quo ex expedita dolorem aut ut accusantium ullam blanditiis exercitationem voluptatem natus. consequatur voluptas voluptatem assumenda non autem corporis quia distinctio sequi dolorum neque iste placeat numquam.