6 වස­ර අධ්‍යාප​න ​ප්‍රති­සං­ස්ක­රණ 2027දී ආරම්භ කර­නවා – අගමැති හරිනි අමරසූරිය මහානායක හිමිවරුන්ට දැනුම් දෙයි

හය­වැනි ශ්‍රේණි­යට අදාළ නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණය 2027 වසරේ ආරම්භ කරන බවත්, පිරි­වෙන් අධ්‍යා­ප­නය සංව­ර්ධ­නය කිරී­මට අවශ්‍ය කට­යුතු ආරම්භ කර ඇති බවත් අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

උසස් අධ්‍යා­ප­නය වෙනු­වෙන් ජාතික ප්‍රති­ප­ත්ති­යක් සකස් කිරී­මට කට­යුතු කරන බවත් අග­මැ­ති­ව­රිය කීවාය. පසු­ගිය 24 වැනිදා නුවර දළදා මාලි­ගාව අස­ලින් ආරම්භ කළ සාම පා ගමනේ සමා­ර­ම්භ­යෙන් අන­තු­රුව ශ්‍යාමෝ­පාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා­නා­යක තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ග­ලා­භි­ධාන මහා­නා­යක ස්වාමීන් වහන්සේ බැහැ­දුටු අව­ස්ථාවේ අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය මේ බව සඳ­හන් කළාය.

අග­මැ­ති­ව­රිය වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සු­වාය.

“ජාත්‍ය­න්ත­රයේ අව­ධා­නය යොමු වූ සාම පා ගමන ශ්‍රී ලංකාවේ පැවැ­ත්වීම රටක් ලෙස අපිට සතු­ටක්. ඒ වගේම ලෝක සාමය අපි හැමෝ­ගේම ප්‍රාර්ථ­නා­වක්. ඒ නිසා මේ අව­ස්ථා­වට සම්බන්ධ වීමට ලැබීම ගැන සතු­ටුයි.

සිදුවී තිබෙන මුදල් වංචාව පිළි­බඳ රජය අවශ්‍ය නීති­මය කට­යුතු සිදු කර­මින් යනවා. ඒ සම්බ­න්ධ­යෙන් මේ වන විටත් විම­ර්ශන ආරම්භ කර තිබෙ­නවා. ජාත්‍ය­න්ත­ර­වත් විම­ර්ශන සඳහා සහය දෙන බව දන්වා තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ඔස්ට්‍රේ­ලි­යාවේ රජය විම­ර්ශන කට­යුතු සඳහා සහය දෙන බව ඔස්ට්‍රේ­ලි­යානු මහ­කො­ම­සා­රි­ස්ව­රයා ප්‍රකාශ කර තිබෙ­නවා.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රට­කට විප­ක්ෂ­යක් අව­ශ්‍යයි. ඒත් විප­ක්ෂ­ය­කින් ජන­තාව බලා­පො­රොත්තු වෙන්නේ මොන­වද කියන කාර­ණය විප­ක්ෂය තවම අව­බෝධ කර­ගෙන නැහැ. ඒ නිසා තාමත් තර්ක­යක් නැති කරුණු ඉදි­රි­පත් කර­මින් රජය අප­හ­සු­තා­වට පත් කරන්න කට­යුතු කර­මින් යනවා. මැති ඇමැ­ති­ව­රුන්ට පද­නම් විර­හිත චෝදනා කර­නවා. මටත් විශ්වා­ස­භං­ග­යක් ගේනවා කිව්වා. මාත් බලා­ගෙන ඉන්නවා මටත් කරුණු ඉදි­රි­පත් කරන්න අව­ස්ථා­වක් එන­කම්.

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අපි දිග­ටම සිදු කර­මින් යනවා. උසස් අධ්‍යා­ප­නය සඳහා ජාතික ප්‍රති­ප­ත්ති­යක් සකස් කර­න්නත් කට­යුතු කර­මින් තිබෙ­නවා. ඒව­ගේම වෛද්‍ය අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් කමි­ටු­වක් පත් කර ඉදිරි කට­යුතු සිදු කර­න්නත් කට­යුතු කර තිබෙ­නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *