වත්මන් රජය සාංඝික දේපළක් ලෙස ආරක්ෂා කරන බවට සඳහන් කළ මහා භාණ්ඩාගාරයෙන්, මහ දවාලයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් සොරකම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.
වත්මන් රජය සතුව ආර්ථිකය පිළිබඳ මනා දැනුමක් ඇති ආර්ථික ඔස්තාර්ලා සිටින බව ඔවුන් මීට පෙර සඳහන් කළ ද, මෙවැනි මැති ඇමතිවරුන් කොහෙන් සොයා ගත්තේ දැයි බරපතළ ගැටලුවක් මතු වන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
අද වන විට වත්මන් රජයට ඡන්දය දුන් ජනතාව ලැජ්ජාවෙන් පසුවන බවත්, රජය සෑම අංශයකින්ම අසාර්ථක වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කළා