ලෙල්ල පිටින් කජු ලංකාවට ගෙන්න ආණ්ඩුව අවසර දෙයි

ලෙලි කජු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 25,000ක් පමණ වන නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික්ටොන් 12,500ක් පමණක් බව රජය පවසයි.

කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ, පසුගිය කන්නය තුළ අපේක්ෂිත අස්වැන්න නොලැබීම මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක බව ත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනය කරන බව ත් ය.

මේ අතර, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තීරණය කරනු ලබන ලෙලි කජු ප්‍රමාණයක් ඉදිරි වසර 4ක කාලය තුළ දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා වන කාලසීමාවේදී ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *