මේ ආණ්ඩුව පෙරළන්න බැරි මේක සීගිරි ගල ද?- රෝහිත අබේගුණවර්ධන අහයි

අතීතයේ කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ, මෙවර මැයි දිනයේදී කම්කරුවන් සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

රජය මැයි රැලි පවත්වමින් ප්‍රකාශ කළේ තවත් වසර ගණනාවක් යනතුරු මෙම පාලනය වෙනස් කළ නොහැකි බව යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙම ආණ්ඩුව පෙරළීමට නොහැකි බව පවසන්නේ මෙය ‍’පර්වතයක් හෝ සීගිරි ගලක්’ දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, තමන් නියෝජනය කළ පෙර රජයයන් ද මෙලෙසම ප්‍රකාශ කළ බව පෙන්වා දුන්නා. 

එහෙත් පරාජයට පත් වන තෙක් ඔවුන් ද ඒ පිළිබඳ දැන නොසිටි බවත්, උදෑසන සිටි ජනාධිපතිවරයා නොව සවස් වන විට සිටින්නේ වෙනත් අයකු බවත් රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *