පොදු ප්‍රවාහනය සඳහා එක් වූ මෙට්‍රෝ බස් වෙනුවෙන් තවත් සේවා සැපයුම් අංගනයක ඉදිකිරීම් කටයුතු පසුගිය 4 වෙනි දින සිදු කෙරුණි …!
පොදු ප්‍රවාහනයේ වර්ධනීය හැරවුම් ලක්ෂයක් වශයෙන් සඳහන් කළහැකි මෙට්‍රෝ බස් ධාවනයට එක්කිරීමත් සමගින් අදාල බස් රථ වෙනුවෙන් අවශ්‍ය සේවා සැපයුම් ස්ථාන 05 ක් ශ්‍රී ලංගම ඩිපෝ පදනම් කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේ….!
ඒ අනූව රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝවේ ඉදිවන මෙට්‍රෝ බස් අංගනය සඳහා මුල්ගල් තැබීම, පාර්ලිමේන්තු මන්ත්රීනී, දෙහිවල ගල්කිස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිනී, සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 4 වෙනි දින සිදුවිය….!
ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ( පුද්ගලික) සමාගම සතු මෙම අංගනය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රු. 120,626,289.00 කි. මේ සඳහා වැයවන කාලසීමාව දින 91 ක් වන අතර කොන්ත්‍රාත්කරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ, Electro Metal Pressing ආයතනයයි.
මහජන ප්‍රවාහනයක් – කාර්යක්ෂම ගමනාන්තයක් යන්න යථාර්ථයක් බවට පත්කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාතත්යාංශය විසින් ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කළ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ( පුද්ගලික) සමාගම යටතේ රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝවේ ඉදිවන සැපයුම් අංගනයට මුල්ගල තබමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රීනී සමන්මලි ගුණසිංහ මහත්මිය,
“අපේ ජනතාවට සුවපසු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම තමයි මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ මූලික අරමුණ. අගෝස්තු වෙද්දි නව මෙට්‍රෝ බස් 108ක් පමණ අපට ලැබෙනවා. ඒ බස් යොදාගනිමින් ජනතාවට සේවයක් සපයන්න, බස් රැකගන්න අපි කටයුතු කල යුතුයි. ඒවෙනුවෙන් තමයි මේ රත්මලාන ඩිපෝවේ වල් බිහිවෙලා තිබුණ අක්කර ගානක භූමිය යොදාගනිමින් ඉදිකිරීමක් සිදු කරන්නේ. තියෙන වැඩ කරගෙන යන්න කාටත් පුලුවන්. නමුත් වෙනස් දෙයක් අරඹන්න ටිකක් අපහසුයි….!
පොහොසත් රටක අපි දකින සිහිනය තමයි, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් නව දෙයක් ආරම්භ කිරීම. ඒ සිහිනය යතාර්තයක් කරගන්න තමයි අපි මේ රජයක් හැටියට සැරසෙන්නේ. මහජන දේපල වෙනුවෙන් භෞතික වගේම ආකල්පමය ආරක්ෂාවකුත් ඇති කල යුතුයි. ඒ වගේම නව ආකල්ප වලින් සුසැදි මහා ජන පවුරක් ගොඩනැගිය යුතුමයි. අලුත් දේවල් එකතු කරලා ඔබේ ජීවිතය ලස්සන කරන්න ආරම්භ කෙරෙන යෝධ වැඩක් මේක. පොදු ජනතාවගේ තවත් එක් ජයග්‍රහණයක් වන මෙම කටයුතු සාර්ථක වේවා කියලා මම පතනවා..! යැයි පැවසීය
මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ අතිරේක ලේකම් අවන්ති සේනාරත්න, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ( පුද්ගලික) සමාගමේ සභාපති තිලකරත්න යන මහත්ම මහත්මීන් ප්‍රධාන, ඉදිකිරීම් බාරව කටයුතු කරනු ලබන Electro Metal Pressing ආයතනය සහ ඉහත ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ….!