අනුරාධපුර රෝහලේ හෙද හෙදියෝ සිවිල් ඇඳුමෙන් වැඩ

රජය පොරොන්දු පරිදි රුපියල් දස දහසක දීමනාවක් ලබා නොදීමට එරෙහිව නිල ඇඳුමින් බැහැරව සේවය කිරීමේ වෘත්තීය සමිති විරෝධතාවක් ඊයේ (6 දා) රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ක්‍රියාත්මක කර තිබුණි.

දීපව්‍යාප්තව ආරම්භ කළ මෙම විරෝධතාවට සහාය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද හෙදියෝද ඒ සඳහා එක්ව සිටියහ. රෝගීන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවන ආකාරයට මෙම විරෝධතාව පවත්වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *