මේ ආණ්ඩුව කලින් නායකයෝ හොරකම් කරා කියලා බොරුත් කියනවා – සාගර කාරියවසම්

ත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ ජනතාවට බොරු පොරොන්දු දී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා චෝදනා කරයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, “මේ ආණ්ඩුව කරන්නේ හොරකම් කරන එක විතරයි. රටේ දේපල සංඝික දේපල වගේ ආරක්ෂා කරනවා, හොරකම නවත්වනවා කියලා විශාල බොරු කියල තමයි මේ අය බලයට ආවේ” යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ කාරියවසම් මහතා, වත්මන් ආණ්ඩුවේ නායකයින් නිරන්තරයෙන් පෙර පැවති ආණ්ඩුවලට හොරකම් කළා යැයි බොරු චෝදනා නගන බව පැවසීය. “තමන්ගේ නොහැකියාව වහගන්න කලින් අයට බැන බැන ඉන්නවා මිසක් රටට වැඩක් කරන්නේ නෑ. ජනතාවට දුන්නු පොරොන්දු එකක්වත් ඉටු කරලා නෑ” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *