තලපති විජේ මහතා ප්‍රාන්ත රාජ්‍යක මහා ඇමති ධුරයට පත්වුවහොත් නාමල් රාජපක්ෂ මැතිතුමා එතුමාට සුබ පතා, එතුමා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය C.B. රත්නායක මහතා පවසයි.
අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“තලපති විජේ මහත්තයා මහ ඇමති වුණොත් නාමල් රාජපක්ෂ මැතිතුමා මුලින්ම සුබ පතනවා. පක්ෂ භේදයකින් තොරව ප්‍රාන්තයේ සංවර්ධනය වෙනුවෙන් එකට වැඩ කරන්න අපේ පාර්ශ්වය සූදානම්” යැයි C.B. රත්නායක මහතා එහිදී ප්‍රකාශ කළේය.