කෙහෙළිය අද වැලිකඩ ඉඳන් පාර්ලිමේන්තු එන්නත් අවසර දෙයි

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට(7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන  අවසරදී ඇත.

කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න   කෙහෙළිය රඹුක්වැල්ල   පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී තිබේ.

ෙමේ අනුව කෙහෙලිය රඹුක් වැල්ල  පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවෙනු ඇත.

මේ අතර ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙළ කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *