6 වසරෙන් ඉහළ පාසල් දරුවන් ප්‍රචණ්ඩ වී ඇති බව අනාවරණය වෙයි

6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා පාසල් දරුවන් බහුතරයක් ප්‍රචණ්ඩ වී ඇතැයි කරාපිටිය ශික‍්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහත ඊයේ (06දා) පැවසීය.

සමාජ මාධ්‍ය සහ චිත්‍රපටිවලින් ප්‍රදර්ශනය වන ගහමරා ගැනීම්, වෙඩි තැබීම්, පළිගැනීම් වැනි දර්ශන නැරඹීම සහ වීඩියෝ කී්‍රඩා මෙලෙස දරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීමට බලපා ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ ද කියා සිටියේය.වර්තමානයේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිසු දරුවන් දෙමාපියන් කියන කිසිදෙයක් අහන්නේ නැති මට්ටමට ඇවිත්. ඔවුන් ඒ තරමටම ආවේගශීලීව හැසිරෙනවා. ඔවුන් ප්‍රචණ්ඩයි. ඒ නිසා දරුවන්ට ජංගම දුරකථන දෙන්න එපා. ඒවායෙන් ඔවුන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වෙඩි තැබීම්, මිනීමැරුම්, පහරදීම්, පළිගැනීම් බලනවා. රූපවාහිනියේ ප්‍රචාරය වන චිත්‍රපටි බලනවා. ජංගම දුරකථනය දරුවට දෙනව නම් ඔවුන් මොනවද කරන්නේ කියලා අධීක‍ෂණය කරන්න. ඒ වගේම වීඩියෝ කී්‍රඩා කරන්න දෙන්න එපා. මේ දේවල් නිසා දරුවෝ ප්‍රචණ්ඩවෙලා. කියන දේවල් අහන්නෙම නැහැ. දරුවන් ගැන නිතර අවධානයෙන් සිටීම දෙමාපියන්ගේ වගකීමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *