අවසර දුන්නත් කෙහෙළිය රඹුක්වැල්ල එළියට එන්න බෑ කියයි

අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමේ අවස්ථාවට සහභාගී කරවන ලෙස කථානායකවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටී.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *