මේ මස 9 – 10 දෙදින ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව බලා මීළඟ සංචාරයේ නිරතවන බව පැවසෙනවා. ඒ පර්ත් හිදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා යි. ඔහු ඒ සඳහා මෙරටින් පිටත්ව යන්නේ 08 වෙනිදා බවයි කියන්නේ.
එම සමුළුවේ දේශනයක් ජනධිපතිවරයා විසින් සිදුකරන බව පැවසෙනවා.
‘ස්ථාවර සහ තිරසාර ඉන්දියානු සාගරයක් කරා; යන තේමාව යටතේ, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම සමුළුව පැවැත්වෙනවා. ඉන්දියානු සාගර සමුළුව 2016 වසරේ සිංගප්පූරුවේ දී ආරම්භ වූවක්. ඉන් අනතුරුව එය වාර්ෂික සමුළුවක් ලෙස පැවැත්වෙන අතර ඊට රාජ්‍ය නායකයන් සහ නියෝජිතයින්, විද්වතුන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු රටවල් 22ක නියෝජිතයන් 300කට අධික සංඛ්‍යාවක් එක්වන බව වාර්තා වෙනවා.
මීට පෙර මෙම සමුළුව සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, වියට්නාමය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය යන රටවල පැවැත්වුණා.