කපිලගේ සහ රංගගේ මරණ සැක සහිතයි, නාමල්​ගේ ආණ්ඩුවකින් සාධාරණ පරීක්ෂණ පවත්වා දඬුවම් දෙනවා – ජොන්ස්ටන්

සැක කටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේනගේ සහ රංග රාජපක්ෂගේ මරණ සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

කපිල චන්ද්‍රසේන ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය තුළ ‘ලොකු එකාගෙයි පොඩි එකාගෙයි නම කියන්න’ යනුවෙන් බලපෑම් කර ඇති බවත්, එසේ නොවුණහොත් කෙහෙළියගේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයාට සිදු වූ දේම අත්වන බවට තර්ජනය කර ඇති බවත් ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා. 

වත්මන් ආණ්ඩුව මෙම සිදුවීම් වසා දැමීමට කුමන උත්සාහයක නිරත වුව ද, තම රජයක් යටතේ වැරදි කළ සියලු දෙනාට එරෙහිව සාධාරණ පරීක්ෂණ පවත්වා නීත්‍යනුකූලව දඬුවම් පමුණුවන බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් අවධාරණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *