ඉන්දියාව අනුර කැදවූයේ ඔහුගේ නායකත්වය පිලිගන්නා නිසා – හරිනි අමරසූරිය කියයි

අනුර දිසානායක මහතා මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගයකට නායකත්වය දෙන බව ඉන්දීය රජය පිළිගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

එරට රජය විසින් අනුර දිසානායක මහතාට ඉන්දියාවට ආරාධනා කළේ එනිසා බවද ඇය සඳහන් කරන්නීය.

අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.

ඉන්දීය රජයේ ආරාධනාවට අනුව එරට සංචාරයක යෙදෙන අනුර දිසානායක මහතා මේ වන විට එරට විදේශ අමාත්‍ය, විදේශ ලේකම්, ජාතික ආරක්ෂක උපදේශක හමුවී  සාකච්ඡා  කර  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *