ශ්‍රී ලංකාවේ මැණික් බැංකු­වක් ස්ථාපිත කිරී­මට ඉදි­රි­පත් වී ඇති යෝජ­නා­වට කඩි­නම් පිය­වර ගන්න – ජනාධිපති කාර්යාලය රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ මැණික් බැංකු­වක් (Gem Bank) ස්ථාපිත කිරීම සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් වී ඇති සවි­ස්ත­රා­ත්මක යෝජ­නා­ව­කට අදා­ළව කඩි­නම් පිය­වර ගන්නා ලෙස ජනා­ධි­පති කාර්යා­ලය විසින් අදාළ රාජ්‍ය ආය­තන වෙත උප­දෙස් ලබා දී ඇත.

මේ විශේෂ යෝජ­නාව ගෝලීය ප්‍රව­ර්ධන ජාත්‍ය­න්තර ආය­ත­නයේ ප්‍රධාන විධා­යක නිල­ධාරි තිල­ක­සිරි විතා­රණ මහතා විසින් පසු­ගි­යදා(10) ජනා­ධි­ප­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කර තිබේ.

එම ලිපි­යට පෙරේදා (12) එනම් ලිපිය යවා පැය 48ක් ගත­වී­ම­ටත් පෙර පිළි­තුරු ලිපි­යක් සහ අදාළ වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු සම්පා­ද­නය කිරීම සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට සහ එහි නිල­ධා­රීන්ට ස්තුති­වන්ත වන බවද තිල­ක­සිරි මහතා පැව­සීය.

මැණික් ක්ෂේත්‍රයේ ප්‍රග­ම­නය උදෙසා ඉදි­රි­පත් කරන ලද මේ යෝජ­නා­වට අදාළ ලිපි­ලේ­ඛන සහ අවශ්‍ය තොර­තුරු ජනා­ධි­පති කාර්යා­ලය වෙත මීට පෙර යොමු­කර තිබිණි.

ජනා­ධි­පති ලේක­ම්ව­රයා වෙනු­වෙන් මහ­ජන සම්බ­න්ධතා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සී. ඒ. කේ. පර­ණ­මාන මහතා විසින් මේ යෝජ­නාව ඉදිරි කට­යුතු සඳහා කර්මාන්ත සහ ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාට සහ ජාතික මැණික් හා ස්වර්ණා­භ­රණ අධි­කා­රියේ සභා­ප­ති­ව­රයා වෙත යොමු­කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *