“උල්කාපාත වේගයකින් කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවන්න හැකි වූ බව” ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
9 වන පාර්ලිමේන්තුවේ පස් වන සැසිවාරය විවෘත කිරීම සහ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමින් අද (පෙබ. 7) ඔහු මේ බව සඳහන් කළේ ය.
”අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින් නමුත් දැන් අපිට එය ආපිට හරවන්න පුළුවන් වෙලා තිබෙනවා. එය රොකට් වේගයකින් යළි ඔසවන්නට අප සමත් වුණා”
ප්‍රතිපත්ති ප්රකාශනයෙහි ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු කිහිපයක් පහතින් සඳහන් කර ඇත.
- 2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9%ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය,1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වීම.
- 2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීම සහ නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වූ 6 වන අවස්ථාව මෙය වීම.
- 2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීම.
- උරුමය වැඩසටහන ඔස්සේ මිලියන දෙකකට අධික ජනතාවකට අහිමි වූ ඉඩම් හා නිවාස අයිතීන් නැවත ලබා දීම.
- ජනාධිපති අරමුදල මගින් 2023 වසර පුරා රෝගීන් 4917 දෙනෙකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දී ඇති අතර රාජකාරි දින 3ත් 5ත් දක්වා කාලයක් තුළ ගෙවීම් සිදු කිරීමේ කඩි නම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
- මේ වසරේ සිට සියලු වෛද්‍යාධාර 50% සිට 100% දක්වා වැඩි කිරීම.
- පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නැංවීම.
- 2022 වසරේ 437,547ක් වූ බදු සඳහා ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 2023 අවසානය වන විට 130% ක වැඩිවීමක් පෙන්නුම් කරමින් 1,000,029ක් දක්වා ඉහළ නැංවීම.
- මේ වසරේ මුල් මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අපේක්ෂා කිරීම.
- මේ වසරේදී 2% – 3%ක ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වීම.
- මේ වන විට ක්‍රියාත්මක දූෂණ විරෝධී පනත වැනි පනත් ක්‍රියාවට නැංවීමේදී කිසිවිටෙකත් දේශපාලන හෝ වෙනත් බලපෑම් සිදු නොකිරීම.
- වියළි කලාපයේ කෘෂි ඉඩම්වල ඵලදායීතාව ඉදිරි කන්න තුන හතර තුළ දෙගුණ තෙගුණ කිරීම සඳහා මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරා ගෙන විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම.
- එමගින් වියළි කලාපයේ කෘෂි බෝග ඵලදායීතාව වැඩි කර ගැනීම ත් සමග තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගැනීමට අවස්ථාව ලැබීම.
සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින් දැක්වේ.











