වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එලෙස නැගී සිටීම ප්‍රමාද වුවහොත් රටේ වත්මන් ජනතාවට මෙන්ම අනාගත පරපුරට ද රටක් ඉතිරි නොවන බවයි එතුමා සඳහන් කරන්නේ.
එමෙන්ම ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් වර්තමානයේ රට තුළ වංචා සහ දූෂණ සිදුවෙමින් පවතින බව ද ඔහු පවසනවා.
ආණ්ඩුවේ සිටින පුද්ගලයන් අතීතයේ සිටම සිදු කළේ අන් අයට අසත්‍ය චෝදනා එල්ල කිරීම පමණක් බවත් එලෙස එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ඒවා හුදෙක් මහජනතාව තුළ සැකයක් උපදවන ආකාරයේ චෝදනා පමණක් බවත් ඔහු මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.