සජිත් ප්‍රේමදාසව හමුවෙන්න බෑ කිව්ව IMF බළධාරීන් ඇමරිකාවේදි හර්ෂව හමු වෙයි

සමඟි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උසස් නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ දිනවල ඇමෙරිකාවේ සංචාරයක නිරතවී සිටින අතරතුරදී මෙම හමුව සිදුව ඇති අතර ඒ පිළිබඳව ඔහු සිය මුහුණු පොතේ විස්තරයක් සහිතව මෙම ඡායාරූපය එක් කර තිබේ. එම සටහන මෙසේය…

“මා මේ දිනවල ඇමරිකාවේ සිදුකරන සංචාරය අතරතුර ලෝක බැංකුවේ දකුණු ආසියානු කළාපයේ උපායමාර්ගික අධ්‍යක්ෂ Nicole Klingen සහ IMF ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා Sonali Jain-Chandra (ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානියා කරුණු වාර්තා කරන්නේ ඇයටයි.) මෙන්ම IMF ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධානී Evan Papageorgiou සමග වැදගත් කරුණු සාකච්ඡා කළා.

ආර්ථිකය ස්ථාවර කිරීමෙන් ඔබ්බට ගොස් ආර්ථිකය වර්ධන මාවතට අවතීර්ණ කරන්නේ කෙසේදැයි මෙහිදී ඉතාමත් වැදගත් තාක්ෂණික සාකච්ඡාවක් අපි අතර සිදුවුණා.‘‘

කෙසේ වෙතත් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන හමුවකදී ප්‍රකාශ කර තිබුණේ IMF තමන් කියන දේවල් ගනන් ගන්නේ නැති බවත් IMF තමන් සමඟ කතා කරන්න එන්නේ නැති බවයි. එසේ ප්‍රකාශ කර තිබියදී සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා IMF ප්‍රධානීන් ඇමෙරිකාවේදීම හමු වීම දේශපාලන කරලිය උණුසුම් කරන සිද්ධියක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *