ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අනුප්‍රාප්තික වැඩසටහනකට කඩිනමින් යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රුපියල අවප්‍රමාණය වීමත් සමඟ අපේ රටට දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දීමට සිදු ව ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වන බැවින්, අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වීම හරහා එය තවදුරටත් දීර්ඝ කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.
එසේ තිබියදී, ආර්ථිකයේ කිසිදු ගැටලුවක් නොමැති බව රජය පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉදිරියේදී මහා ඛේදවාචකයකට මුහුණ දීමට සිදු විය හැකි බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.